විපක්ෂයෙන් කොවිඩ් පොකුරක්….? නලීන් බණ්ඩාර සහ බිරිඳටත් කොවිඩ්…!

May 25, 2021 at 12:27 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරට සහ ඔහුගේ බිරිඳට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට කොවිඩ් ආසාදනය වූ දොළොස් වැනි මන්ත්‍රීවරයා ඔහු ය.

ඔහු කොරෝනා ආසාදනය වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමීපතම ආශ්‍රිතයෙකු ලෙස මෙයට පෙර හඳුනා ගෙන තිබිණ.

තමාට තදබල ඔලුවෙ කැක්කුමක් හටගැනීමෙන් පසුව තමාත් බිරිඳත් කොරෝනා පරීක්ෂණයකට යොමු වූ අවස්ථාවේ දී වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මේ අතර නලීන් බණ්ඩාරට පාර්ලිමේන්තුවේ දී ආශ්‍රිත වූ මන්ත්‍රීවරුන් සොයා ගැනීමට අද (25) විමර්ශන ආරම්භ කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.

මේ වන විටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමීපතම ආශ්‍රිතයන් 15කට සහ සේවකයින් දෙදෙදෙනකුට නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇති අතර සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලය ද වසා දමා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *