විපක්ෂයට ගම්මන්පිල ඉවත් කරන්න බෑ…! විශ්වාසභංගයට අපේ සහායක් නෑ….! – සාගර…

July 19, 2021 at 5:38 pm | by emanisa.lk

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට ඉල්ලා අස්විය යුතු බව කීවත් විපක්‍ෂයට අවශ්‍ය පරිදි අස්කිරීමට ඉඩ දෙන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ සාගර කාරියවසම් පවසයි.

ඉල්ලා අස්වන්න කීම හා තවත් පිරිසක් විසින් ඉවත්කරන්නට යාම අතර වෙනසක් ඇතැයි කී සාගර කාරියවසම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්‍ෂ උවමනාවට සහයෝගය දෙන්නේ නැති බවත් ඒ නිසා විශ්වාසභංගයට සහය නොදීමට පක්‍ෂය තීරණය කළ බවත් සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අද (19) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *