විනිසුරු ඉලංචේලියන් සිය බෝසත් ගුණ නැවතත් පෙන්වයි! තුන් අවුරුදු දානය දී තම රැකවලාට පිං දෙයි! දරුවන් පන්ති රැගෙන යන්න මවට යතුරු පැදියක් දෙයි!

July 28, 2020 at 5:21 pm | by emanisa.lk

යාපනේ මහ අධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් තමාගේ ආරක්ෂාව භාරව සිටිය දී ප්‍රහාරයකින් මිය ගිය පොලිස් කොස්තාපල් ජී. එච්. සරත් හේමචන්ද්‍රගේ හලාවත කුමාරකට්ටුව නිවසට පැමිණ ඔහු වෙනුවෙන් සාංඝික දානයක් සිදුකර පිං අනුමෝදන් කර තිබේ.

එසේම කොස්තාපල්වරයාගේ දරුවන් දෙදෙනා පන්ති රැගෙන යාම සඳහා අලුත්ම යතුරු පැදියක් එම පවුලට පරිත්‍යාග කිරීමට ද ඔහු අමතක කළේ නැත.

යාපනයේ නල්ලූර්හිදී 2017 ජුලි 22 වැනිදා මහාධිකරණ විනිසුරු ඉලංචේලියන්ට ආරක්‍ෂාව සලසමින් රාජකාරියේ යෙදී සිටි පොලිස්‌ ආරක්‍ෂක නිලධාරි ජී. එච්. සරත් හේමචන්ද්‍ර වෙඩි ප්‍රහාරයකට ලක්‌ව මිය ගියේය.

කොස්තාපල්වරයාගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතුවල සියලු වියදම් දරන්නේ ද විනිසුරු ඉලංචේලියන් විසිනි. ඔවුන්ගේ නිවසේ ඉදිකිරීම් කටයුතු ද සිය මිතුරන් පිරිසකගේ රු. ලක්ෂ 20 පමණ පරිත්‍යාග මගින් සම්පූර්ණ කර දීමට ඔහු කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස