විනාශ මුඛයට ඇද දැමූ රාජ්‍ය සමාගම් සෞභාග්‍යයේ දැක්මෙන් පිබිදෙයි…! ලංකා පොස්පේට් සමාගම වසර පහකට පසු දැවැන්ත ලාභයක් උපයයි…!

February 8, 2021 at 8:32 am | by emanisa.lk

පසුගිය සමයේ පාඩු ලබමින් පැවැති එප්පාවල ලංකා පොස්පේට් සමාගම වසර 05කට පසු 2020-21 සමයේ රු. මිලියන 93ක වාර්තාගත මෙහෙයුම් ලාභයක් උපයා තිබේ.

2015-16 සමයේ රු. මිලියන 21.1ක් ලාභ ලැබූ ලංකා පොස්පේට් සමාගම අනතුරුව දිගින් දිගට ම පාඩු ලබා තිබේ. 2016-17 සමයේ සමාගම ලැබූ පාඩුව රු. මිලියන 80.9ක් දක්වා සිව් ගුණයකින් ඉහළ ගොස් ඇති අතර 2017-18 සමයේ ලද පාඩුව රු. මිලියන 14.4කි.

එසේ ම 2018-19 සමයේ ලංකා පොස්පේට් සමාගම රු. මිලියන 5.3ක පාඩුවක් ලබා තිබේ. නැවත එම පාඩුව 2019-20 සමයේ රු. මිලියන 18.5 දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වුව ද නව ආණ්ඩුව යටතේ ඉංජිනේරු අනිල් රණසිංහගේ සභාපතිත්වයෙන් නව ධ්‍යකෂක මණ්ඩලය පත්ව වසරක් ගත වන විට ලංකා පොස්පේට් සමාගම ලාභ ලබන්නට පටන්ගෙන තිබේ. ඒ අනුව 2020-21 සමයේ ලංකා පොස්පේට් සමාගම උපයා ඇති මෙහෙයුම් ලාභය රු. මිලියන 93කි. ලංකා පොස්පේට් සමාගම ඇමැති විමල් වීරවංශ යටතේ ක්‍රියාත්මක වෙයි.

ලංකා පොස්පේට් පොහොර ඉදිරියේ දී එප්පාවල පොහොර යන නව වෙළෙඳ සංනාමය යටතේ වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස