විධායක ජනාධිපති ධූරය දුර්වල කරන 19ට විරුද්ධ වුණා වගේ ම 21ට විරුද්ධයි…! – සරත් වීරසේකර….

May 31, 2022 at 11:31 am | by emanisa.lk

ජනාධිපතිවරයාගේ බලතල සීමා කෙරෙන විසි එක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධාන්තවයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

දහ නවවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ද තමා සහයෝගය නොදුන් බව ප්‍රකාශ කර ඇති වීරසේකර, ඒ ආකාරයට ම විසි එක්වැනි සංශෝධනයට ද සහයෝගය නොදෙන බව එහි දී අවධාරණය කර ඇත.

රටේ ම මහජන ඡන්දයෙන් තේරී පත්වන විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමට තමා එකග නැතැයි ද නැතැයිද ඔහු ප්‍රකාශ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *