ආණ්ඩුව විසින් ඉදිරි සතියේ මැති සබයට ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට තම පක්ෂය තරයේ විරුද්ධ බව ශ්‍රී ලංකා ජාතික කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා පවසයි.
පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර පැවැති සාකච්ඡාවේ දී ජාතික කොංග්‍රස් නායකයා මේ බව ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ ශක්තිමත් විධායක ජනාධිපති ධුරයක් පැවතිය යුතු බැවින් තම පක්ෂය විධායක ජනාධිපතිගේ බලතල අඩුකරන මෙකී සංශෝධනයට දැඩි ලෙස විරුද්ධ බවයි, අතාවුල්ලා එහි දී සඳහන් කර ඇත්තේ.