විධායක ජනාධිපතිවරයාට සියලු බලතල තිබිය යුතුයි! විධායක ජනාධිපති ධුරය තිබීම සුළු ජාතීන්ටත් හොඳයි!- ආරුමුගන් තොන්ඩමන්

September 2, 2019 at 11:18 pm | by emanisa.lk

විධායක ජනාධිපති සතු බලතල සිමා නොකළ යුතු බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තෝණ්ඩමන් පවසයි.

ආරුමුගන් තොණ්ඩමන් මහතා මේ බව කියා සිටියේ අද (02) හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේදි පැවති මාධ්‍ය හමුවේදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ආරුමුගන් තොණ්ඩමන් කියාසිටියේ විධායක ජනාධිපතිවරයාට සියලු බලතල තිබිය යුතු බවත්, විධායක ජනාධිපතිවරයාට බලතල තිබේ නම් එය සුළු ජාතින්ට අයිතිවාසිකම් දිනාගත හැකි බවය.

රට පාලනය කල විධායක ජනාධිපතිවරුන් සහ වත්මන් ජනාධිපතිවරයා වතු කම්කරුවන්ගේ ගැටලුවලට යම්තාක් දුරට විසදුම් ලබා දි ඇති බවත්, ඉදිරියේදි පත් වන ජනාධිපතිවරයාගෙන්ද වතු කම්කරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබා ගැනිමට අදහස් කරන බවත් ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස