රටක විධායක ජනාධිපති ක්රමයක් පවතින්නේ නම් ඔහුට සියලු බලතල පැවැතිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
රට පාලනය සඳහා ජනාධිපති ක්රමය හෝ පාර්ලිමේන්තු ක්රමය හෝ යන දෙකෙන් එකක් තෝරාගත යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
එසේ නොමැතිව ඒ දෙක ම මිශ්ර ක්රමයට රට පාලනය කළ නොහැකි බව ද හෙතෙම අවධාරණය කරයි.
bloomberg වෙබ් අඩවිය සමග පැවැති සාකච්ඡාවක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව ප්රකාශ කර ඇත.
21 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමේ සැලසුමක් ක්රියාත්මක වන පසුබිමක ජනාධිපතිවරයා මේ බව පවසා තිබීම විශේෂත්වයකි.