විධායක ජනාධිපතිකම අහෝසි කිරීම නියත පරාජිතයාගේ සටන් පාඨයයි..!

August 20, 2024 at 1:03 pm | by emanisa.lk

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම යනු ජනාධිපතිවරණයේ නියත පරාජය අපේක්ෂා කරන්නන්ගේ සටන් පාඨයක් බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.

“සෑම ජනාධිපතිවරණයකදී ම පරදින අපේක්ෂකයෝ හැමදාම කියලා තියෙනවා විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියලා. දිනන උදවිය ඔය කතන්දරය කියලා නෑ. සජිත් ප්‍රේමදාස දන්නවා නියත වශයෙන් ම එයා පරදිනවා කියලා. ඒ නිසා එයා දැන්ම ම ප්‍රකාශයක් කරලා තියෙනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා. එයා දන්නවා එයාට මේක කරන්න වෙන්නෑ කියලා.

විධායක ජනාධිපති ක්‍රමයේ ගුණ අගුණ දෙක ම තියෙනවා. ඒ පිළිබඳව අපි වරින් වර පෙන්වාදී තිබෙනවා. ඒ අනුව, අපේ ස්ථාවරය වෙනස් වී නැහැ. දැන් තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගෙන යනව ද? එහෙම නැත්නම් ඒක ඉවත් කරනව ද? කියන එක නෙමෙයි.

දැන් තියෙන්නේ බංකොලොත් වූ රටේ ආර්ථිකය හදන්නේ කොහොම ද? කියන ප්‍රශ්නය. අධ්‍යාපනය, සෞඛ්‍ය පවත්වා ගෙන යන්නේ කොහොම ද? රටට ආයෝජකයෝ ගෙන්නා ගන්නේ කොහොම ද? විරැකියාවට විසඳුම් ලබා දෙන්නේ, බුද්ධි ගලනය නතර කරගන්නේ කොහොම ද? ධීවර කර්මාන්තය ගොඩ නගන්නේ කොහොම ද? කියන ප්‍රශ්නවලට උත්තර හොයන එක ය.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *