විදේශ විනිමය ඉතිරි කරන නව සැලසුමක්..! කිරිපිටි බටර් කම්හල් තුනක් ආරම්භ කරයි..!

October 19, 2021 at 8:51 am | by emanisa.lk

කිරිපිටි හා බටර් නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්තශාලා තුනක් කුරුණෑගල, ත්‍රිකුණාමලය හා කිලිනොච්චයේ ඉදිකිරීමට කර්මාන්ත හා කෘෂිකර්ම අමාත්‍යාංශ ඒකාබද්ධව සූදානම් වෙයි.

කිරිපිටි හා බටර් ආනයනය සීමා කරමින් විදේශීය විනිමය ඉතිරි කර ගැනීම මෙහි අරමුණ වෙයි. දෛනිකව කිරි ලීටර් දෙලක්ෂ හතළිස් දහසක් භාවිත කරමින් කිරිපිටි හා බටර් නිෂ්පාදනය කරන අතර එක් කර්මාන්ත ශාලාවක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන විසිපහක ආයෝජනයකි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික දියර කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 500කි. කිරිපිටි හා බටර් ආනයනය කිරීම සඳහා වාර්ෂිකව ඇමරිකානු ඩොල්ර් මිලියන 400ක මුදලක් වැය කරන බව මුදල් අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *