විදේශ රැකියාවලින් රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය පහත වැටෙයි…! අගෝස්තු මස 32.8% පසු බැසීමක්…!

October 24, 2021 at 7:47 am | by emanisa.lk

විදේශ රැකියාවන්හි විගමණික සේවකයන් විසින් එවනු ලබන විදේශ විනිමය ශීඝ්‍ර ලෙස පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ සතියේ නිකුත් කරන ලද 2021 අගෝස්තු මාසයට අදාළ විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ නිවේදනයක් මඟින් දක්වා ඇති ආකාරයට 2020 අගෝස්තු ඩොලර් මිලියන 664ක විදේශ රැකියා ප්‍රේෂණ ලැබී ඇති අතර එය 2021 අගෝස්තු මස ඩොලර් මිලියන 447 දක්වා අඩු වී ඇත. ඒ ඩොලර් මිලියන 217කින් එනම් 32.8%කින් පහළ වැටීමකි.

එමෙන්ම 2021 ජනවාරි මාසයේ සිට අගෝස්තු දක්වා වූ මාස 8 තුළ ගිය වසරේ දී ඩොලර් මිලියන 4346ක් මෙරටට එවා ඇති අතර එම මාස අටට අදාළ සමස්ත විදේශ විනිමය එවීම් ප්‍රමාණයද මෙම වසරේදී අඩු වී තිබේ.
ඒ අනුව එම අගය ඩොලර් මිලියන 4224 දක්වා පහත වැටී ඇත. එය මාස 8ක කාලයක් තුළ එනම් ඩොලර් මිලියන 122කින් පහත වැටී ඇත.

කොවිඩ් වසංගත තත්ත්වය නිසා විදේශ රැකියාවල නියුතු විශාල පිරිසක් නැවත සිය රට පැමිණීම ද මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් විය හැකි ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *