විදේශ ඇමැති ජී.ඇල්. හමුවීම කාදිනල්තුමා ප්‍රතික්ෂේප කරයි…!

September 1, 2021 at 9:54 pm | by emanisa.lk

විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් හමුවීම ප්‍රතික්ෂේප කිරීමට අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් කටයුතු කර ඇත.

යම් යම් කොන්දේසි සපුරාලන තුරු විදේශ ඇමති මහාචාර්ය ජී එල් පීරිස් හමුවීම ප්‍රතික්ෂේප කරන බව ලිඛිතව ඔහු වෙත දැනුම් දීමට කාදිනල් හිමිපාණන් පියවර ගෙන තිබේ.

කුරණ (මීගමුව) ශාන්ත ආනා දේවස්ථානයේ දේවගැති පූජ්‍ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසුවේ රැස්වීමක් සඳහා. ජී.එල් පීරිස් මහතා කාදිනල්වරයාට ලිඛිතව දැනුම් දුන් බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් විශ්වාසය තහවුරු වූ පසුව පමණක් විදේශ ඇමතිවරයා හමු වන බව කාදිනල්වරයා පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස