විදෙස් කිරි ගණන් උස්සද්දි දේශීය කිරිපිට මිලත් ඉහළට…!

December 31, 2021 at 9:27 am | by emanisa.lk

දේශීය කිරිපිටි ග්‍රෑම් 400 ක පැකැට්ටුවක මිලද රුපියල් 20 කින් පමණ වැඩිවනු ඇතැයි පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත් පවසයි.

දේශීය කිරිපිටි නිෂ්පාදනය කරන පෞද්ගලික සමාගමකට අයත් නුගේගොඩ පිහිටි වෙළෙඳ සලක් ඊයේ (30) නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඇමැතිවරයා මේ බව පැවැසීය.

මෙරට කිරිපිටි සැපයුමට වඩා ඉල්ලුම ඉහළ ගොස් ඇති බැවින් ජනතාවට පෝලිමේ ගොස් කිරි පිටි මිල දී ගැනීමට සිදුව ඇතැයි ද ඇමැතිවරයා කීවේ ය. මෙරට කිරි නිෂ්පාදනය අඩුවීම වළක්වා ගැනීමට ගොවියාට සාධාරණ මිලක් ලබාදිය යුතු බව ද ඔහු කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *