විදෙස් ආයෝජකයෝ සල්ලි අරගෙන එන්න ඕන! දේශීය බැංකුවලින් ණය නෑ!

January 26, 2020 at 9:55 am | by emanisa.lk

විවිධ ආයෝජන සඳහා දිවයිනට පැමිණෙන විදේශීය ආයෝජකයන්ට දේශීය බැංකුවලින් ණය ලබා ගැනීම අත්හිටුවීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අවධානය යොමු කර ඇත.

විදේශීය ආයෝජකයන් දේශීය බැංකුවලින් ණය ලබා ගෙන ආයෝජන සිදු කිරීම නිසා විදේශීය මුදල් දිවයිනට පැමිණීම නතර වී ඇති බව ආයෝජන මණ්ඩලය හඳුනාගෙන තිබේ. එම නිසා ආයෝජකයන් විදේශීය රටවලින්ම මුදල් රැගෙන ආ යුතු බව ආයෝජන මණ්ඩලය පවසයි.

ආයෝජන අවස්ථා වැඩි කිරීම සඳහා ආයෝජකයන්ට බදු සහන ලබාදීමටද නියමිතය. එම බදු සහන පිළිබඳ කෙටුම්පත ලබන මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. වත්මන් රජය බලයට පත්ව ගත වූ කාලය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන එකක ආයෝජන රටට ලැබී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස