විදෙස්ගත සිට පැමිණි දිගම්බන් කෙළින් ම සිරිකොතට…! එජාප නායක රනිල් සමඟ රහස් සාකච්ඡා….!

July 16, 2021 at 7:52 am | by emanisa.lk

පසුගිය දිනවල විදෙස් සංචාරයක නිරත වූ හිටපු අමාත්‍ය පී. දිගම්බරන් ලංකාවට පැමිණ පළමු රාජකාරිය ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ හමු වී ඇතැයි වාර්තා වෙයි.

හිටපු අමාත්‍යවරයා කටුනායක ගුවන්තොටුපළේ සිට කෙළින් ම ගොස් ඇත්තේ සිරිකොත එජාප මූලස්ථානය වෙත ය. එහි දී රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡාවක් පවත්වා තිබේ. දිගම්බරන් පසුගිය මහා මැතිවරණයේ දී සජිත් ප්‍රේමදාස පාර්ශ්වය නියෝජනය කළ වතුකරයේ ප්‍රබල නායකයෙකි.

කෙසේ වුව ද මෙය විශේෂ සිද්ධියක් නොවන බවත් මේ දිනවල විවිධ විපක්ෂ දේශපාලන කණ්ඩායම් පැමිණ එජාප නායකත්වය සමඟ සාකච්ඡා පවත්වන බවත් සිරිකොත ආරංචි මාර්ග අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස