විදෙශ් සංචිත අඩු වෙනවා….! ඉදිරියේ දී ඩොලර් ලැබෙන බවක් පේන්නෑ…! අර්බුදය අත ළඟ…! – අගමැති කැබිනට්⁣ටුවට දන්වයි…

June 30, 2021 at 11:02 am | by emanisa.lk

මෙරට විදේශ විනිමය සංචිතවලට සැලකිය යුතු තරමේ විදේශ විනිමය ගලා ඒමක් ගැන කිසිදු සහතිකයක් නැතැයි මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.

රටේ විදේශ විනිමය ණය ආපසු ගෙවීම කාලසටහනට අනුව ඉදිරි මාසවල දී මෙරට විදේශ සංචිත තවදුරටත් පහළ වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර ඇත.

අග්‍රාමාත්‍යවරයා මෙම අනතුරු ඇගවීම සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ජූලි මාසයේ දී ඉන්දියානු සංචිත බැංකුව සමග එළඹෙන ද්විපාර්ශික මුදල් හුවමාරු ගිවිසුම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 400ක ලබාගැනීමට ඇමති මණ්ඩල අනුමැතිය ඉල්ලා යොමු කළ කැබිනට් සංදේශයක් මගිනි.

ඉන්දියානු සංචිත බැංකුවෙන් මෙම මුදල ලබාගැනීම ඉකුත්දා මුදල් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *