විදුහල්පති වැටුප 29, 850කින් ඉහළ නැංවිය යුතුයි…! වැඩි කළේ රු. 12, 020ක සොච්චමක් විතරයි…! භාගෙට විභාග පාස් වෙච්චි වීරවංශලට අපි රවට්ටන් බෑ…!- මහින්ද ජයසිංහ…

September 1, 2021 at 8:44 pm | by emanisa.lk

තමන් දියත් කර ඇත්තේ ගුරු වැටුප් විෂමතා ඉවත් කරන සටනක් පමණක් නොව අනාගත දරුවාගේ අධ්‍යාපන අයිතිය සුරකින සටනක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ පවසයි.

ආණ්ඩුව තමන්ට ලබා දී ඇති විසඳුම කන්දක් විලි ලා මී පැටියෙකු වැදීම වැනි බව ද ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

විදුහල්පතිවරයාගේ වැටුප් විෂමතාව රු. 29, 850ක් බවත් ලබා දීමට යෝජනා කර ඇත්තේ 12, 020ක් බවත් එය මස් රාත්තලම නොව රාත්තලින් 1/3ක් පමණ බවත් ඔහු පෙන්වා දෙයි.

ගුරු සංගම්වල ඉල්ලීම, ආණ්ඩුව දැනට යෝජනා කර ඇති වැටුප් වර්ධකය කොටස් වශයෙන් නොව එකවර ලබා දිය යුතු බව යැයි ද මහින්ද ජයසිංහ ප්‍රකාශ කරයි.

හරියට විභාගයක් පාස් නොකළ ඇමැතිවරුන්ට ගණන් බැරි බවත් එය නැවතත් අද ප්‍රදර්ශනය කළ බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *