විදුහල්පති නාවොත් දොරගුළු කඩා පාසල් අරිනවා…! හෙට පාසලට නොඑන අයගේ විදුහල්පතිකම් හෙටින් ඉවරයි…! – උතුරු මැද ආණ්ඩුකාර…

October 20, 2021 at 8:41 pm | by emanisa.lk

කිසිදු විදුහල්පතිවරයෙකුට පාසලේ ඉබ්බ දමා බලහත්කාරයෙන් වසා ගෙන සිටීමට අයිතියක් නැතැයි උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් පවසයි.

ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කරන්නේ, එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් අදාළ පාසල්වල දොරගුළු කඩන ලෙස තමන් නියෝග කරන බව ය.

පාසල් නැවත විවෘත කිරීම ජාතික තීන්දුවක් බවත් පාසල් විවෘත කිරීමට තමන්ට එවැනි නියෝගයක් නිකුත් කළ හැකි බවත් හෙතෙම අවධාරණය කරයි.

එහෙයින් සියලු දෙනා නැවත පාසලට පැමිණිය යුතු බවත් වැඩ බලන විදුහල්පතිවරයා පාසලට නොපැමිණියහොත් නැවත ඔහුට අදාළ තනතුරු නොදෙන බවත් මහීපාල හේරත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *