විදුලි රැහැනක පැටළුණු තිදෙනෙක් එතනමයි!

June 6, 2019 at 3:15 pm | by emanisa.lk

අකුරැස්ස, ගොනකමුල්ල ප්‍රදේශයේදී අනවසර විදුලි රැහැනක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ. වන සතුන්ගෙන් ගොවිතැන් ආරක්ෂා කර ගැනීම සඳහා අනවසරයෙන් අටවන ලද විදුලි රැහැනක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මෙසේ මිග ගොස් ඇත්තේ අවුරුදු 45,56 සහ 76 යන වයස්වල පසුවන පුද්ගලයින් වන අතර ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව ඔවුන්ගේ මළ සිරුරු සොයා ගත් බව පොලිසිය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *