විදුලි බෙදාහැරීම් උපකරණ ලංකාවේ නිපදවයි….! විදෙස් නිෂ්පාදනවලට වඩා සවිමත් නිෂ්පාදන අඩු මිලට…!

January 31, 2021 at 8:58 am | by emanisa.lk

මෙ රට විදුලිය බෙදාහැරීම සඳහා අවශ්‍ය වන පරිවාරක උපාංග Made in Sri Lanka සංකල්පයට අනුව දේශීය වශයෙන් නිෂ්පාදනය අරඹා තිබේ.

මෙම නිෂ්පාදන කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ විසින් පරීක්ෂා කිරීම පසුගියදා කර්මාන්ත අමාත්‍යංශයේ දී සිදු කෙරිණි.

මෙම නිෂ්පාදන ආනයනික උපාංගවලට වඩා ශක්තිමත් බවින් යුතු අතර මිල අඩු ය. මේවා ඉදිරියේ දී විදුලිබල ක්ෂේත්‍රය සඳහා යොදා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීමට ඉදිරියේදී කර්මාන්ත සහ විදුලි බල අමාත්‍යාංශය එක්ව කඩිනමින් වැඩපිළිවෙළක් සකස් කළයුතු බව එහි දී යෝජනා විය.

ලංකා පිගන් සංස්ථාව සහ විදුලි බල මණ්ඩලය අතර ඇති කරගන්නා එකඟතාවට අනුව ඉදිරියේදී මෙම දේශීය විදුලි පරිවාරක උපාංග මෙරට භාවිතය සඳහා යොදා ගැනීමට අවශ්‍ය කටයුතු සකසන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *