විදුලි බිල 10%-20% ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ පවසයි.
අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ධනුෂ්ක පරාක්‍රමසිංහ පැවසුවේ මෙම වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලබන ජුලි මස 01 වැනිදා ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව මෙම සතියේ විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
එහිදී ජනතාවට සැලකිය යුතු විදුලි ගාස්ත අඩු වීමට ලැබිය යුතු බව ධනුෂ්ක පරාක්‍රමසිංහ සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට නියමිත විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ පනතින් විදුලි බිල ඉහළ දැමීමට අවශ්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බව ඔහු පැවසීය.
විදුලිබල මණ්ඩලයේ වර්තමාන පරිපාලනය විදේශ සමාගම්වලට අවශ්‍ය ආකාරයට දැන්ම සිටම කටයුතු කරමින් සිටින බව ධනුෂ්ක පරාක්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.