විදුලි බිල සීයට 35කින් අඩු කරන්න පුළුවන්… විස්සෙන් අඩු කිරීමේ ගෞරවයත් ආණ්ඩුවට හිමි නෑ…! – පාඨලී…

January 18, 2025 at 8:19 pm | by emanisa.lk

විදුලි බිල අඩු කිරීමේ ගෞරවය ගැනීමට ආණ්ඩුව ඉදිරිපත් නොවිය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

එහි ගෞරවය හිමි විය යුත්තේ මහජන උපයෝගීතා කොමිසමට බවත් ආණ්ඩුව දිගින් දිගට ම ප්‍රකාශ කළේ වසර තුනක් යන තුරු විදුලි බිල අඩු කළ නොහැකි යැයි බවත් ඔහු පෙන්වා දෙයි.

2023/24 වසරවල ලංකා විදුලි බල මණ්ඩලය රු. බිලියන 275ක ලාභයක් උපයා ඇති බවත් විදුලි බිල 35%කින් අඩු කළ හැකි බවත් පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.

එක්සත් ජනරජ පෙරමුණු මූලස්ථානයේ මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *