විදුලි බිලෙන් ආණ්ඩුව දෙකට බෙදේ…! 70%ට ඇමැතිවරුත් එරෙහි වෙති…!

December 3, 2022 at 11:54 am | by emanisa.lk

විදුලිය බිල සියයට 70 කින් වැඩි වුවහොත් මුළු නිෂ්පාදන ක්ෂේත්‍රයම කඩා වැටිය හැකි හෙයින් විදුලිය ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය ආපස්සට හරවා ගන්නා ලෙස මැති ඇමැතිවරුන් ගණනාවක් ජනාධිපතිවරයාගෙන් දැනටමත් ඉල්ලීමක් කර ඇත.

ඇමැතිවරුන් තවත් පිරිසක් මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමේදීද විදුලි බිල වැඩිකිරිමේ තීරණය සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට සූදානම් වන බව රජයේ ආරංචි මාර්ග පවසයි.

විදුලිය ගාස්තු යළි වැඩි කළහොත් නිෂ්පාදන ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා පමණක් නොව භාණ්ඩ මිල දෙගුණයකින් පමණ ඉහළ යා හැකි බව පෙන්වා දෙන එම මැති ඇමැතිවරු පිරිස ජනතාව ආර්ථික අතින් තවත් පහළට ගොස් දැඩි පීඩාකාරී තත්ත්වයකට ඇද වැටිය හැකි බවද ප්‍රකාශ කරති.

විදුලිය ගාස්තු ලබන වසරේ ජනවාරි සහ ජුනි මාසවල දී පියවර 2 කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනවිරත්න ආර්ථිකය ස්ථායිකරණයට අදාල කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනුකමිටුවේදී පැවසීය.

විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට විදුලි බිල සියයට 70කින් පමණ වැඩි කළ යුතු බව එම මණ්ඩලයේ ප්‍රධානීන්ගේ අදහස වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *