පසුගියදා සිදු වූ හදිසි විදුලි බිඳ වැටීම පිළිබඳ විදුලි බල ඇමතිතුමා සහ ක්ෂේත්‍රෙය් විද්වතුන් ඉතාම හොඳ පැහැදිලි කිරීමක් කළ බව කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
සමතුලිතතාව බිඳ වැටීම නිසා පද්ධතිය බිඳ වැටුණු බවත් එය කිසිවෙකු හිතාමතා කළ දෙයක් නොවන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
ඕනෑම වගකීමක් සිය ආණ්ඩුව භාර ගන්නා නමුත් මෙවැනි සුළු සිදුවීමකට ඇමතිවරයා ඉල්ලා අස්විය යුුතු නැති බවත් ඇමති හඳුන්නෙත්ති අවධාරණය කරයි.