විදුලි පාරිභෝගික ගැටළුවට විසඳුම්! පහුගිය මාස හතරේ අවම බිල ගෙවීමේ සහනයක්!

July 15, 2020 at 9:28 pm | by emanisa.lk

විදුලි පාරිභෝගිකයන් සිය පෙබරවාරි විදුලි බිල හෝ මාර්තු අප්‍රේල් මැයි අතුරින් අවම විදුලි බිල එම මාස තුන සඳහා ගෙවිය යුතු බවට රජය තීන්දු කළේ යැයි විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

එම මාස තුනෙහි විදුලි බිල සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සහ ලබාදිය හැකි සහන පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාව පසුගිය සතියේ කැබිනට් හමුවට ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව ආණ්ඩුව අද (15) මෙම තීණ්දුව ගෙන තිබේ.

මෙම විදුලිබිල්පත් දැනට ගෙවා ඇති අයට ඉදිරිපත්වලින් අදාළ සහනය ලැබෙන බව ද ඇමතිවරයා සඳහන් ක‍ළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස