නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග විදුලිබල මණ්ඩලය සෑම විදුලි ඒකකයකින්ම පාඩු ලබන බව ලංකා විදුලි පොදු සේවක සංගමය සඳහන් කරයි.
එහි සභාපති මාලක වික්‍රමසිංහ පෙන්වා මෙම සංශෝධනයත් සමගින්ම අවම රුපියල් පහක මුදලක් සෑම විදුලි ඒකකයෙක්ම මණ්ඩලයට පාඩු ලැබීමට නියමිතව ඇති බවයි.
මේ මගින් විදුලි ලංකා විදුලිබල මණ්ඩලය බරපතල මුල්‍ය අර්බුදයකට ලක්වීමේ අවධානමක් ඇති බවද හෙතෙම පෙන්වා දෙයි. එම බර නැවතත් වක්‍රාකාරයෙන් ජනතාව මත පැටවෙනු ඇති බවද ඔහු අවධාරණය කරයි.
දැනට විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් තිහක් වන බවත් නව විදුලි ගාස්තු සංශෝධනය සමගින් විදුලි ඒකකයක සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 25කට වඩා අඩුවන බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මාලක වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේය.