විදුලි ගාස්තුව 20-30%කින් අඩු කරන්නැයි දැනුම් දෙයි…!

January 16, 2025 at 10:15 am | by emanisa.lk

සියයට විස්සත් තිහත් අතර ප්‍රමාණයකින් විදුලි ගාස්තු අඩු කළ යුතු බව විදුලි පාරිභෝගිකයන් විසින් යෝජනා කර තිබේ.

විදුලි ගාස්තු සංශෝධනය සඳහා දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ මහජන අදහස් විමසීදී මේ බව යෝජනා වී ඇතැයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

ඒ අනුව ඉදිරියේදී ඉදිරිපත් කරන යෝජනා හා අදහස සැලකිල්ලට ගනිමින් වසරේ පළමු මාස හය සඳහා විදුලි ගාස්තු සඳහා අවසන් තීරණය මෙම සතිය ඉකුත් වීමට පෙර ප්‍රකාශයට පත් කිරීමට කොමිෂන් සභාව සූදානම් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *