විදුලි අර්බුදයේ සම්පූර්ණ වගකීම අපේ ආණ්ඩුව ගන්න ඕන! අපට පිට රටින් ලැබුණු බලාගාර තුන‍ හදාගන්න බැරි වුණේ කාගේ බැරිකමටද? – අගමැති විමසයි….

March 28, 2019 at 2:31 pm | by admin

විදුලි බල කප්පාදුවේ සම්පූර්ණ වගකීම රජයක් ලෙස බාරගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේ අද (28) මැති ඇමැතිවරුන් සමග පැවසීය.

ජනතාවට අවශ්‍ය විදුලි බලය අඛණ්ඩව සැපයීමට රජයක් ලෙස නොහැකිවීමේ වගකීමෙන් මිදීමට ආණ්ඩුවේ කිසිවෙකුටත් ඉඩක් නැතැයිද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

2015 වසරේ අගෝස්තු මාසයත්, 2018 වසරේ ඔක්තෝම්බර් මාසයත් අතර කාලය තුළ ඉන්දියාව, ජපානය හා චීනය ශ්‍රී ලංකාවේ ස්වාභාවික ද්‍රව වායු බලාගාර 3ක් ඉදිකිරීමට රජයන් අතර එකඟතාවකට පැමිණියද ඒ බලාගාර තුනේ ඉදිකිරීම් කිසිවක් නොවුණැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය. එම බලාගාර 3ක් ඉදිකිරීමට නොහැකිවීම කවුරුන්ගේ අදක්ෂතාව නිසාදැයි අග්‍රාමාත්‍යවරයා විමසා සිටියේය.

ඉදිරි දින කිහිපය ඇතුළත විදේශ රටවලින් ඇනවුම් කර තිබූ විදුලි ජනන යන්ත්‍ර සියල්ලම ලංකාවට ගෙන ඒමට නියමිතව ඇතැයිද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස