විවිධ හේතු නිසා විදුලිය බිඳ වැටීම් සිදුවන අතර ඒවා තමන්ට පාලනය කළ නොහැකි බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසයි.
“විවිධ හේතු නිසා විදුලිය බිඳ වැටීම් සිදුවෙනවා. ගස් කඩා වැටීම් නිසා, වන සතුන්ගේ උවදුරු නිසා, පද්ධති කිහිපයකින් විදුලිය එකතු වීම නිසා ඇති වන පද්ධති අසමබරතාව නිසා විදුලි බිඳ වැටීම් සිදුවෙනවා.
විදුලිය බිඳ වැටීම සාමාන්‍ය තත්ත්වයක්. ඒක කාටවත් පාලනය කරන්න බෑ. දැන් තියෙන තත්ත්වය අනුව පද්ධතිවල අසමබරතාව නිසා ඇති වන බිඳ වැටීම් අපට පාලනය කරන්න පුළුවන්කමක් නෑ. ඉදිරියේදී මේක කළමනාකරණය කරගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා.”