ඇමති චම්පික තැනූ චූන්නාකම් බලාගාරයට ජනතාවට ලක්ෂ 200ක වන්දියක් ගෙවන්න වෙයි! ඒ මුදලත් ආණ්ඩුවම ගෙවයිද?

April 4, 2019 at 1:02 pm | by admin

යාපනය චුන්නාකම් බලාගාරයෙන් ජලය දූෂණය වී ඇති නිසා ඉන් පීඩාවට පත් ප්‍රදේශවාසීන් 500 දෙනකුට රුපියල් ලක්ෂ 200ක වන්දි ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය MTD Walkers PLC සමාගමට අද (4) නියෝග කළේය.

මෙම බලාගාරය නැවත ක්‍රියාත්මක තත්වයට පත් කරන්නේ නම් පිළිගත් පාරිසරික කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව එය කළයුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කර සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දුන්නේ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක සඳහා තීන්දුව ලබා දෙමිනි.

පෙත්සම්කරු පවසා සිටියේ අදාළ බලාගාරය මඟින් බැහැර කරන අපද්‍රව්‍ය සහ තෙල් හා ග්‍රීස් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ ළිං ජලය අපවිත්‍ර වී ඇති බවයි.

මහජන අර්ථසාධක නඩුකරයක් ලෙස මෙය විභාගයට ගැනුණු අතර අද ලබාදුන් තීන්දුව ඓතිහාසික තීන්දුවක් බව තීන්දුව ලබා අධිකරණය ප්‍රකශ කළේය.

මෙම පෙත්සම විභාගය සඳහා අවසර දුන් 2015 වසරේ එම බලාගාරය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් ද නිකුත් කර තිබුණි.

කෙසේ වුවද මෙම පෞද්ගලික විදුලි බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් එකක්වත් ලබා නොගන්නා පසුබිමක ලංකා විදුලි බල මණ්ඩලය එම බලාගාරයට අයත් MTD Walkers PLC නම් සමාගමට රු. බිලියන 1.01ක් ලබා දී ඇතැයි විදුලිබල මණ්ඩල අභ්‍යන්තර මූල්‍ය ලේඛනයක් මගින් අනාවරණය වී තිබේ. මෙම සමාගමේ උප සභාපතිවරයකු ලෙස අමාත්‍ය මලික් සමරවික්‍රමගේ සමීපතම ව්‍යාපාරික සගයා වන ජෙහාන් අමරතුංග කටයුතු කරයි.

හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ උපදෙස් පරිදි මෙම බලාගාරය ඉදිකිරීම් සිදුකරන ලදී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස