විජය කුමාරතුංගගේ පක්ෂයත් ගෝඨාට එකතු වෙයි! (Photos)

October 5, 2019 at 10:17 am | by emanisa.lk

ශ්‍රී ලාංකීය දේශපාලනයේ සුවිශේෂී චරිතයක් වූ විජය කුමාරතුංගයන් ආර්ම්භ කළ ශ්‍රී ලංකා මහජන පක්ෂය එළඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය දීමට තීන්දු කර තිබේ.

ශ්‍රී ලංකා මහජන පක්ෂය විජය කුමාරතුංග විසින් බිහි කළ අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ද එහි නායිකාවක ලෙස කලක් කටයුතු කළාය.

එම පක්ෂයේ නායක හිටපු පළාත් සභා මන්ත්‍රී අසංක නවරත්න කුරුණෑගල සත්‍යවාදී පිටියේ දී මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිය පක්ෂ මහ සම්මේලනය පැවැත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස