රාජගිරිය බුත්ගමුව පාර ආශ්රිත ප්රදේශයේදී ඊයේ (19) රාත්රියේ අනතුරක් සිදුකර පුද්ගලයින් හතර දෙනෙකුට තුවාල සිදුකිරීමේ චෝදනාව මත රඛිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිකඩ පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්රී විජයදාස රාජපක්ෂගේ පුත්රයා ය. ඔහුව අද දිනයේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඊයේ රාත්රී 10.45ට පමණ මෙම අනතුර සිදුකර රඛිත රාජපක්ෂ පළා ගොස් පෞද්ගලික රෝහලකින් ප්රතිකාර ලබා තිබේ. මෙම අනතුරින් තුවාල ලද අය අතර ගැබිනියක ද වෙයි.