විජයදාස රාජපක්ෂගෙන් 225ටම ආදර්ශයක්! රු. ලක්ෂ 19ක මුද්දර නැවත භාරදෙයි!

July 1, 2020 at 10:12 am | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය විජයදාස රාජපක්‍ෂට රාජකාරී කටයුතු සඳහා ලැබුණු මුද්දරවලින් රුපියල් ලක්‍ෂ 19 ක් පමණ වටිනා භාවිතා නොකළ මුද්දර පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි තැපැල් කාර්යාලයට යළි භාර දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය රාජකාරි කටයුතු සඳහා සෑම වසරකම නිශ්චිත වටිනාකමකින් යුත් මුද්දර ප්‍රමාණයක් ලබා දෙන අතර පාර්ලිමේන්තු ධූර කාලය අවසානයේ දී ඉන් භාවිත නොකළ මුද්දර නැවතත් තැපැල් දෙපාර්තමේන්තුවට භාර දිය යුතු වේ.

ඒ අනුව තමන්ට ලැබුණු මුද්දර අතරින් භාවිතයට නොගත් මුද්දර මෙසේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි තැපැල් කාර්යාලයට භාර දී දුන් බව ද එසේ භාරදුන් මුද්දරවල වටිනාකම රුපියල් 19,27,780ක් බව ද විජයදාස රාජපක්‍ෂ පැවසීය.

එසේ භාවිත නොකළ මුද්දර ප්‍රථම වතාවට ආපසු භාර දෙන ලද්දේ තමන් බවත්, අන් කිසිවෙකුත් එසේ භාර දීම සිදු නොකළ බවත් පාර්ලිමේන්තුවේ පිහිටි තැපැල් කාර්යාලයේ නිලධාරීන් පැවසූ බව ද හිටපු මන්ත්‍රීවරයා කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස