අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට ඇමැති ධූරයෙන් ඉවත් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරය භාර ගැනීම සමග ඇති වූ දේශපාලන මතභේද නිසා මෙම තීන්දුව ගෙන ඇති බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි.
අද (18) පැවැති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මේ බව කීය.
කෙසේ වුව ද අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මාධ්‍ය වෙත පවසා ඇත්තේ රෝහණ ලක්ෂ්මන් පියදාසගේ ප්‍රකාශය සාවද්‍ය බවයි.