විග්නේශ්වරන් ලංකා ආණ්ඩුවට බලපෑම් කළ හැකි එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් කාර්යාලයක් උතුරට ඉල්ලයි!

March 3, 2019 at 9:04 pm | by admin

ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයට යොමු කිරීම සඳහා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් රැසක් එක්ව පෙත්සමක් සකස් කර තිබේ.

දෙමළ ජනතාව වෙනුවෙන් සහන සලසන්නැයි මෙම පෙත්සමෙන් ඉල්ලා ඇති බව පැවසෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් මීට පෙර යෝජනා කළ කිසිදු නිර්දේශයක් මෙතෙක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් උතුරේ ජනතාවට අසාධාරණයක් සිදුව ඇතැයි ද එහි සඳහන්ය.

මේ අතර උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් ද ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලය වෙත ලිපියක් යොමු කර ඇත.

ඉකුත් යුද වාතාවරණයත් සමග සිය පළාතේ ගැටලූ රැසක් පවතින බවත්, ඒවා විසඳා ගැනීමට එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් කාර්යාලයක් උතුරු පළාතේ ස්ථාපිත කරන ලෙසත් එමගින් ඉල්ලා තිබේ.

පූර්ණ බලතල සහිත ශ‍්‍රී ලංකා රජයට බලපෑම් එල්ල කළ හැකි කාර්යාලයක් මෙරට පිහිටුවීම වැදගත් බව ඔහු සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ‍්‍රී ලංකා රජය වෙත ඉදිරිපත් කළ යෝජනා මේ දක්වා ඉටු කර නොමැති බව ද උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *