විග්නේශ්වරන් පාසල් ළමයි ඡන්ද ප්‍රචාරණයට යොදලා! මැතිවරණ කොමිසමට පැමිණිලි කළත් සද්දයක් නෑ!

July 9, 2020 at 11:29 am | by emanisa.lk

දෙමළ ජනතා ජාතික සන්ධානයේ කණ්ඩායම් නායක සී. වී. විග්නේෂ්වරන් තමන්ගේ මැතිවරණ රැස්වීමක් සඳහා පාසල් තූර්යවාදක කණ්ඩායමක් සහභාගි කරවා ගැනීම පිළිබඳ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් යාපනය දිස්ත්‍රික් මැතිවරණ සහකාර කොමසාරිස් කාර්යාලයට පැමිණිලි කර ඇත.

විග්නේෂ්වරන් යාපනය, කුලමන්කාල්, මල්ලාකම් උසාවි පාරේදී පැවැත් වූ ජන හමුවකට කුලමන්කාල් විදුහලේ බටහිර තූර්යවාදක කණ්ඩායම සහභාගි කරවාගෙන ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක පැවසීය.

අදාළ දේශපාලන හමුවට පාසල් සිසුන් සහභාගි කරවා ගැනීම පිළිබඳ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනුවත් කිරීමටද කටයුතු යොදා ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් බොහෝ දෙනකු ගැබිනි මව්වරුන්ට සහන මලු බෙදා දීමේ සිට මුදල් බෙදා දීම් දක්වා වූ කටයුතුවල නිරතවන බවටද පැමිණිලි ලැබී ඇතැයිද ඔහු කීවේය.

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයට මේ වන විට පැමිණිලි 150 ක් ලැබී ඇති අතර, ඉන් පැමිණිලි 85 ක් තහවුරු වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස