වෑල්ඩින් වෙද මහත්තයා නික්ම යයි! නිවන් සුව පතමු!

April 4, 2019 at 9:09 am | by admin

මෙරට ප්‍රසිද්ධ කැඩුම් බිඳුම් වෙද මහතකු වන වෑල්ඩින් වෙද මහත්තයා හෙවත් සිලම්බුරාළගේ මුදලිහාමිගේ මුතු බණ්ඩා වෙද මහතා අවුරුදු 77 ක් ආයූ වළඳා අභාවප්‍රාප්ත විය.

දේශිය කැඩුම් බිඳුම් ප්‍රතිකර්ම අතරිනුත් මරදන්කඩවල “වෑල්ඩින් වෙද මහතා” විශේෂ වන්නේ අස්ථි පැළුම් සහ පිපිරීම් පැය කෙටි කාලයක් තුළ යළි ප්‍රකෘති තත්වයට පත් කිරීම හේතුවෙනි.

වැල්ඩින් වෙද මහතා වෙතින් ප්‍රතිකාර ලබා සුවපත් වූ දෙස් විදෙස් රෝගීන් ගණන දහස් ගණනකි. අභාවප්‍රාප්ත වෑල්ඩින් වෙද මහත්තයා හෙවත් සිලම්බුරාළගේ මුදලිහාමිගේ මුතු බණ්ඩා මහතාට උතුම් නිවන් සුව ලැබේවා!

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස