වැසි සමග ජල විදුලි නිෂ්පාදන 68% ඉක්මවයි! පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම නවතයි!

December 24, 2019 at 4:08 pm | by emanisa.lk

පෞද්ගලික අංශයෙන් විදුලිය ලබා ගැනීම තාවකාලිකව අත්හිට වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

විදුලි බලය නිෂ්පාදනය කරන කාසල්රී, මාවුස්සාකැලේ, කොත්මලේ, වික්ටෝරියා, රන්දෙනිගල, සමනලවැව ජලාශ ජලයෙන් පිරී ඇති නිසා ජල විදුලි නිෂ්පාදනය ඉහළ ගොස් ඇති අතර පෞද්ගලික අංශයෙන් විදුලි බලය ලබාගැනීමේ අවශ්‍යතාවක් පැන නොනඟියි.

එම ජලාශ වපසරියෙන් 94%ක් මේ වන විට ජලයෙන් පිරී පවත‍ින අතර මේ දිනවල එම ජලාශවලින් ගිගාවොට් 1128ක විදුලි බලයක් නිෂ්පාදනය කරයි. එය ප්‍රතිශතයක් ලෙස ගත් විට 68.34%ක් වෙයි.

තාප විදුලිය, සූර්ය බලය සහ සුළං විදුලි බලය ද ලැබෙන බැවින් පෞද්ගලික අංශයේ බලාගාරවලින් විදුලි බලය මේ අවස්ථාවේ උවමනා නොමැති බව ලංකා විදුලි බල මණ්ඩලය සිය අමාත්‍යාංශයට ඊයේ (23) දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස