වැස්සෙන් ජලාශ පිරේ…! ජල විදුලිය 57% පනී…! විදුලි කප්පාදුව පැයයි..!

August 5, 2022 at 9:31 am | by emanisa.lk

විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට තද වැසි ලැබීම නිසා ජල විදුලි නිෂ්පාදනය සියයට 57.17 දක්වා ඉහළ යෑමත් සමග දෛනික විදුලි කප්පාදුව අද (5) පැයක් දක්වා අඩු කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

කෙසේ වෙතත් තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට තිබෙන ගැටලුව මත විදුලි කප්පාදුව සම්පූර්ණයෙන්ම නතර කිරීමට නොහැකි වනු ඇතැයි දැන ගන්නට තිබේ.

මේ වන විට සමස්ත විදුලි නිෂ්පාදනයෙන් සියයට 57.17ක් ජල විදුලියෙන්ද සියයට 30.69ක් ගල් අඟුරු මගින්ද, සියයට 3.42ක් සුළං මගින්ද, සියයට 2.20ක් ඩීසල් බලාගාර මගින්ද ලබා ගන්නට හැකිවී ඇත.

ඒ අනුව A සිට W දක්වා කලාප 20 ට රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළ මිනිත්තු 30 බැගින් අවස්ථා දෙකක දී පැයක විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බව ද ජනක රත්නායක වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *