වැව් සහ ජලාශ මත සූර්ය විදුලි බලාගාර ඉදිකිරීමෙන් විශාල පරිසර හානියක් සිදුවන බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර පවසයි.
සමනල වැවේ සහ කිරි ඉබ්බන් වැයේ සූර්ය පැනල සවි කිරීමෙන් හානි වන්නේ සූර්ය පැනල මගින් නොව ඒවා සවි කිරීමට යොදා ගන්නා ඇළුමිනියම්, ප්ලාස්ටික්, ලෝහ රාමු, රබර් ඇතුළු ද්‍රව්‍ය නිසා බව ද හෙතෙම ප්‍රකාශ කළේ නිවේදනයක් නිකුත් කරමිනි.
අධික සූර්ය තාපයට මුහුණ දෙන පෙර කී ද්‍රව්‍ය නිසා බැර ලෝහ ඇතුළු අපද්‍රව්‍ය ජලයට එකතු වී කෙටි කාලීන සහ දිගු කාලීන අර්බුද ගණනාවක් ඇති විය හැකි බවට ද සජීව චාමිකර අනතුර අඟවයි. මේ නිසා පානිය ජලය දූෂණය වීම, වැව්වල මසුන් විෂ සහිත වීම ආදී ගැටලු ගණනාවක් මතු විය හැකි බව ද එමගින් ජනතාවට වකුගඩු රෝග ඇතුළු විවිධ සෞඛ්‍ය ගැටලු මතුවිය හැකි බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.