සමගි ජන බලවේගය සියලු දෙනාට විවෘත බවත් සියලු දෙනාට සමගි ජන බලවේගය සමග එකතු විය හැකි බවත් එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති කබීර් හෂීම් පවසයි.
මේ රටේ දේශපාලන පක්ෂ මෙන් ම ආණ්ඩු මෙතෙක් සිිදුකළේ වැල යන අතට මැස්ස ගැසීම බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ය.
සමගි ජන බලවේගය වැල යන ඕන පැත්තක් තේරුම් අරගෙන මැස්ස ගැසීමට තීරණය කර ඇති බව ද ඔහු අවධාරණය කළේ ය.
සමගි ජන බලවේග පළමු සංවත්සරයට ඊයේ (15) හයිඩ් පිටියේ දී එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.