වැලිසර සිට නිවාඩු පැමිණි සෙබළුන්ගේ පවුල් නිරෝධායනයට!

April 24, 2020 at 1:37 pm | by emanisa.lk

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩුවට තලාතුඔය මාරස්සන තම ගම්වලට පැමිණි නාවික හමුදා සෙබළු දෙදෙනෙකුගේ පවුලේ සාමාජිකයින් නිරෝධනයට ලක්කර ඇත.

මාරස්සන කැතිගන්නාවෙල හා හිදගොඩ ප්‍රදෙශයේ පදිංචි පවුල් දෙකක් මෙසේ නිරෝධනය කර තිබේ.

එම හමුදා නිලධාරීන් දෙදෙනා අද පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කිරීමට නියමිතය.

තලාතුඔය පොලිසිය හා පාත හේවාහැට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් අද උදෑසන  මෙම පවුල් වල සාමාජිකයින්ට නිරෝධායනය පිළිබඳ උපදෙස් ලබාදී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස