වැලිසර පොකුර නිමයි! ර⁣ටේ සියලුම පොකුරු අවසන්! මරණ හෝ ICU රෝගීන් නෑ! කඳවුර විවෘත කරන්න සූදානම්!

June 19, 2020 at 7:32 pm | by emanisa.lk

වැලිසර කඳවුරේ පැතිර ගිය කොරෝනා වසංගතය අවසන් හෙයින් ඒ කඳවුර සාමාන්‍ය කටයුතු සඳහා යළි විවෘත කළ හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාට ඊයේ (18) නිල වශයෙන් දැනුම් දී ඇත.

වැලිසර නාවික හමුදා කඳවුර මේ වන විට සුරක්ෂිත කලාපයක් බවට පත්ව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබූ අතර ඔහු ඒ බව නාවික හමුදාපතිවරයාට දැනුම් දී ඇත්තේ ඉන් පසුවය.

වැලිසර නාවික රෝහල හැරෙන්නට වැලිසර කඳවුරේ සියලුම අංශ මේ අනුව විවෘත කළ හැකි බව ද දැනුම් දී ඇත.

වැලිසර නාවික හමුදා රෝහල පමණක් ලබන 25 වැනිදායින් පසුව විවෘත කරන්නැයි නාවික හමුදා ප්‍රධානීන්ට  වසංගත රෝග විද්‍යා අංශය දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස