වැලිකඩ තවත් රැඳවියෙකුට කොරෝනා! ඔහු වාට්ටු ගණනාවක රැඳවියන්ගේ කොන්ඩ කපලා!

July 10, 2020 at 10:02 pm | by emanisa.lk

වැලිකඩ බන්ධනාගාර රෝහලේ බාබර් පාටියේ යොදවා තිබූ රැඳවියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණය වෙයි.

මොහු කන්දකාඩුවල සිටි පැමිණි සිරකරුවන් සමග එකම සිරකුටියක සිටි අයකු බව වාර්තා වෙයි. ඔහු රෝහලේ වාට්ටු ගණනාවක රැඳවියන්ගේ කොන්ඩ කපා ඇති බව ද අනාවරණය වී තිබේ.

පසුගිය 08 වෙනිදා PCR පරික්ෂණය සඳහා මොහු යොමු කර ඇති අතර අද ප්‍රතිඵල ලැබුණු විට ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනා ගෙන IDH රෝහල වෙත යැවීමට කටයුතු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *