වැල් පාලමේ ඉතිරි කොටස නොවැටී යා හැක්කේ මට විතරයි…! – රනිල්….

September 17, 2024 at 2:14 pm | by emanisa.lk

වැල් පාලමේ ගමනේ දී ගෘෂා එක නතාලියා කෙනෙකුට මුහුණ දුන් නමුත් තමාට නතාලියා දෙදෙනකුට මුහුණ දීමට සිදුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“මම ආපසු හුණුවටයේ කතාව සිහිපත් කළ යුතු යි. ඔබ හැමදෙනා ම හුණුවටයේ කතාව දන්නවා. තාම අපි ඉන්නේ වැල් පාලමේ. තව ටිකක් යන්න තියෙනවා. දැන් අප වැල් පාලමේ 75%ක් පමණ දුර පැමිණ තිබෙනවා. වැටෙන්නේ නැතිව ඉතිරි ටික යා යුතු යි. පාලම හෙලවෙනවා. එම ගමන ස්ථීර කිරීම සඳහා අප සිලින්ඩරයෙන් ඉදිරිපත් වී සිටිනවා.

වැල් පාලමේ ගමනේදී ගෘෂාට මුහුණදීමට සිදුවූයේ එක නතාලියා කෙනකුට පමණයි. නමුත් මට නතාලියා දෙදෙනකුට මුහුණදීමට සිදුව තිබෙනවා. වැල් පාලමෙන් එගොඩට එන විට හුණුවටයේ කතාවේ නොව වෙන නතාලියාලා දෙන්නෙක් ළමයා ගන්න ඉන්නවා. එදා මේ රටේ ජනතාව දුක් විඳින විට මේ නතාලියා දෙදෙනා කොහෙද හිටියේ කියා මම අහනවා. ඔවුන් දෙන්නාම පැනලා ගිය නතාලියාලා. ඒ අයට කිසිම අදහසක් නෑ.

හිතුමතේ බදු අඩු කරන බව කියනවා. මමත් බදු අඩු කරන්න කැමැතියි. නමුත් අයි.එම්.එෆ්. ගිවිසුම් අනුව එහෙම කරන්න හැකියාවක් නෑ. රුපියල ශක්තිමත් කරන්නට තිබෙනවා. අප වැල් පාලමේ ගමන අවසන් කර නතාලියා දෙදෙනා පන්නා දමමු කියා මම ජනතාවට කියනවා. පක්ෂ, පාට භේදයෙන් තොරව අප සියලු දෙනා එක්ව රට ලබාගත් මේ ආර්ථික ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමු. ඒ වෙනුවෙන් සැප්තැම්බර් 21 වැනිදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන්න කියා මම ඉල්ලනවා.”

අම්පාරේ පැවති රනිල්ට පුළුවන් ජන රැලිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *