පැරදුණු වැය ශීර්ෂ සම්මත කරගැනීම ගැටලුවක් රනිල්ගේ වජිරගේ රාජ්‍ය සේවක පඩි ගෙවන්න බැරි කතා බොරු! – රාජිත

April 3, 2019 at 2:20 pm | by admin

අයවැය කාරක සභා විවාදයේ දී අමාත්‍යාංශ 02 ක වැය ශිර්ෂ පරාදවීමේ වගකීම ආණ්ඩු පක්ෂයේ සියලුම දෙනාම බාරගත යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා –

“අයවැය අප්‍රේල් මස 31 දින දක්වා බල පැවැත්වෙනවා. එම නිසා අප්‍රේල් මස 31 දාට ප්‍රථම එම අමාත්‍යාංශ දෙකේ වැය ශිර්ෂ සම්මත කර ගැනීමෙන් ගැටලුවක් ඇතිවන්නේ නැහැ. වැය ශිර්ෂ දෙක පරාදවීමේ වගකීම රජයේ සියලු දෙනාම බාරගත යුතුයි. අයවැය ඡන්දයකට සුදානම්ව සිටිය යුතුයි. හැබැයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය නම් ඡන්දයක් අවශ්‍ය නම් එදින පෙරවරුවේ පක්ෂ නායක රැස්වීමේ දී ඉල්ලීම ඉදිරිපත් කළ යුතුයි. එය සාමාන්‍ය සම්ප්‍රදායයි. නමුත් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන අවස්ථාවක දී ඡන්දයක් ඉල්ලුවහොත් එයත් ලබාදිය යුතුයි. මෙම අමාත්‍යාංශ දෙකේ වැය ශිර්ෂ පරාදවීම සැලසුම් සහගත ක්‍රියාවක් නොවෙයි. ඇතැම් අමාත්‍යාංශවල වැය ශිර්ෂ විවාදවල දී අමාත්‍යවරුන් නොසිටි බවට ද චෝදනා එල්ල වෙනවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශිර්ෂ විවාදය අවසන් වන තුරු මම සභා ගැබේ රැඳී සිටියා. ඒ ගැන විපක්ෂය පවා ස්තූතිය පුද කළා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *