වැඩ වර්ජකයින්ට දිරි දීමනා දෙන රටක් නෑ…! රු. 5000 දීමනාව ඔන්ලයින් වැඩ කළ ගුරුවරුන්ට විතරයි…! – අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්…

September 18, 2021 at 9:24 pm | by emanisa.lk

2022 අයවැය මගින් ගුරු වැටුප් විෂමතා සඳහා විසඳුම් ලබා දෙන තුරු මෙම වසරේ සැප්තැම්බර් ඔක්තෝබර් මාසවල ඔන්ලයින් අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා යෝජනා කළ රු. 5000 දීමනාව ලබා දීමට කටයුතු කරන ලෙස දන්වා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා අදාළ බලධාරීන් වෙත ලිපියක් යොමු කර තිබේ.

කෙසේ වුව ද අදාළ දීමනාව මෙම කාලය තුළ ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු කළ ගුරුවරුන්ට පමණක් ලබා දෙන ලෙස එමගින් වැඩි දුරටත් දැනුම් දී තිබේ.

අදාළ ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීම් කළ බවට විදුහල්පතිවරුන් විසින් නිර්දේශ කර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සහතික කළ යුතු අතර විදුහල්පතිවරුන් සේවය කළ බව ද කලාප අධ්‍යක්ෂ සහතික කළ යුතුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස