වැඩි මිලට සහල් විකිණුවොත් වැඩ වරදියි…! රු. කෝටියක දඩ කන්න වෙයි…!

August 11, 2021 at 8:03 am | by emanisa.lk

රජයේ සහතික මිලට වඩා වැඩි මිලට සහල් අළෙවි කළ හොත් රුපියල් කෝටියක් දක්වා උපරිම දඩයක් නියම කිරීමට හැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

ඒ සඳහා වන නීති සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබුණු බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

රජයේ සහතික මිලට වඩා වැඩි මිලට සහල් අළෙවි කරන පුද්ගලයන්ට එරෙහිව මෙතෙක් පැවැති රුපියල් 2500ක් වූ අවම දඩය රුපියල් ලක්‍ෂය දක්වා ඉහළ දැමූ බවත් ඒ සඳහා මාස හයකට නොවැඩි සිර දඩුවමක් ද පැනවිය හැකි බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *