පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව රුපියල් ලක්ෂ දෙක දක්වා ඉහල දැමීමේ යෝජනාව ජාතික ජන බලවේගය විසින් ප්‍රතික්ෂේප කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා එම වරප්‍රසාදය ලබා නොගැනීමට තීරණය කර ඇත.
එම වැඩි කරන දීමනාව ප්‍රතික්ෂේප කරමින් ජාතික ජන බලවේගය විසින් කතානායකවරයාට මේ සතියේ ලිපියක් යොමු කිරීමට නියමිත බව ද දැන ගන්නට ඇත.