වැඩිහිටි දීමනා ලක්ෂ ගාණකට ග්‍රාමසේවක විදලා…වැඩහිටියෝ හිඟාකති…!

August 27, 2024 at 10:18 am | by emanisa.lk

වැඩිහිටියන් විශාල පිරිසකගේ වැඩිහිටි දීමනා මුදල් රුපියල් ලක්ෂ ගණනක් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලද ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීන් තිදෙනා, වැඩ තහනම් කිරීමේ ලිපි භාර නොගෙන සැඟවී සිටින බව වාර්තා වෙයි.

ආර්ථික අර්බුද තත්ත්වය හේතුවෙන් ඉකුත් වසරේ (2023) මැද කාලයේ මාස දෙකක පමණ කාලයක් වැඩිහිටි දීමනා මුදල් ගෙවීම ප්‍රමාද විය. සමෘද්ධි බැංකු හරහා එම මුදල් ගෙවීම අසාර්ථක වීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අදාළ ගෙවීම් සිදු කෙරුණි.

ඒ අනුව ප්‍රමාද වූ මුදල්ද ඇතුළුව රුපියල් ලක්ෂ දහයක වැඩිහිටි දීමනා ආධාර මුදලක් ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ලැබී තිබිණි. කෙසේ වුව ද විශාල පිරිසගේ අත්සන සහ ඇඟිලි සලකුණ හොරට යොදා එම වැඩිහිටි දීමනා ඉහළ නිලධාරීන්ගේ ද සහය ඇතිව අදාළ ග්‍රාම නිලධාරීන් වංචා කොට ඇතැයි විමර්ශනවල දී හෙළි වී තිබේ. මේ නිසා ඇතැම් වැඩිහිටියන් මහ පාරේ හිඟමන් යදිමින් ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *